KKR ඇන්ඩ්‍රේ රසල්ගේ අංක 12 ජර්සිය විශ්‍රාම ගන්වයි

KKR ඇන්ඩ්‍රේ රසල්ගේ අංක 12 ජර්සිය විශ්‍රාම ගන්වයි

March 25, 2026   04:13 pm

කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම විසින් ඔවුන්ගේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් ක්‍රීඩාකළ අංක 12 ජර්සිය විශ්‍රාම ගැන්වීමට පියවර ගෙන ඇත. 

කොල්කටා දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ රසල්ට ගෞරවයක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

2014 සිට 2025 දක්වා අඛණ්ඩ වසර 11ක් සියලුම වාරවලදී එම කණ්ඩායම නියෝජනය කළ රසල්, සමස්තයක් ලෙස ක්‍රීඩාකළ IPL තරග 140න් 133ක්ම කොල්කටා වෙනුවෙන් ක්‍රීඩාකර තිබීම සුවිශේෂීය.

IPL කිරුළ දෙවරක් දිනාගත් කොල්කටා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ රසල්, IPL වලට අමතරව 2014-15 වාරයේ චැම්පියන්ස් ලීග් T20 තරගාවලියේදීද එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර ඇත.

රසල් පසුගිය නොවැම්බර් මාසයේදී IPL වලින් විශ්‍රාම ගත් අතර, අනතුරුව එම කණ්ඩායමේම 'Power-Hitting' පුහුණුකරු ලෙස වැඩ භාර ගත්තේය.